ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද බලාත්මක කිරීම කල් යයි

    September, 4, 2025

    2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් 2025‑10‑01 දින සිට බලපැවැත්වෙන පරිදි නිර්වාසික තැනැත්තෙකු (Non‑resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ.

    කෙසේ වුවද, ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේ දී එයට අනුකූල වීම සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දෙන ලෙස ප්‍රායෝගික හේතූන් කිහිපයක් දක්වමින් නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් විසින් ඉල්ලා ඇත.

    ඒ අනුව, 2025‑10‑01 දින වෙනුවට අදාළ බද්ද බලාත්මක කිරීමේ දිනය 2026‑04‑01 ලෙස සංශෝධනය කිරීමටත්, ඒ සඳහා අදාළ සංශෝධිත විධිවිධාන දැනටමත් කෙටුම්පත් කෙරෙමින් පවතින එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතට ඇතුළත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.