‘ඩොමිනර් 400‘ ඩොමිනේට් කරයි

    March, 20, 2017

    මෙවර බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෝටර් රථ ප්‍රදර්ශනයේ දී කාගේත් ඉහළම අවධානය දිනාගත් මෝටර් සයිකලය බවට Dominar 400 පත්ව ඇත. නවතම තාක්ෂණයේ අනුහසින් නිෂ්පාදනය කර ඇති මෙම සුපිරි පෙළේ මෝටර් සයිකලය මෙරටට හඳුන්වාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර එහි පෙනුම සහ විශේෂාංග හේතුවෙන් එය කාගේත් ඉහළ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව ඇත.

    මෙහි DPMC ප‍්‍රදර්ශන කුටිය වෙත පැමිණි අයට virtual reality තාක්ෂණය ඔස්සේ මෝටර් සයිකලයක් වෙනස් මාර්ග තත්ත්වයන් ඔස්සේ පැදවීමේ ආශ්වාද ජනක අත්දැකීම විඳගැනීමට ද DPMC අවස්ථාව සලසා දුනි.

    එමෙන්ම නවතම ලේසර් එජ් ග‍්‍රැෆික් සමඟ එන නවතම පල්සර් මෝටර් සයිකල් කාණ්ඩය ද එහි දී දැකගත හැකිවිය.