ඩොලරය 174 ඉක්මවයි

    October, 23, 2018

    ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 174 සීමවා අද (23) දිනයේ දී ඉක්මවා යන ලදී.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 170.2356 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 174.1217 ක් ලෙසින් සටහන් විය.

    ඩොලරයක ගැණුම් මිල රුපියල් 170 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙසින් ද, මේ අනුව අද (23) දිනය ඉතිහාසගත වනු ඇත.