ණය සහන දෙන්නැයි ඉල්ලා මහ බැංකුව බැංකුවලට යැවූ චක්‍රලේඛය මෙන්න

    July, 7, 2022

    පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් වෙත ණය සහන ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු බලපත්‍රලාභී වානිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත අද (07) දිනයේ දී චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය මෙසේ මෙසේ අදහස් දක්වා සිටියාය.

    “ණය සහන ලබා දීම සඳහා බැංකු පද්ධතිය විසින් හඳුන්වා දී තිබූ ක්‍රමය පසුගිය වසර අවසානයේ දී අවසන් වුණා. සංචාරක කර්මාන්තයේ සහන ක්‍රමය ජූනි මාසයේ අග දි අවසන් වුණා. ජනවාරි මුල සිට බැංකු සමඟ සාකච්ඡා කර තිබුණේ අදාළ ණය ලබා ගත් අය සමඟ කතා කර ඒ ගෙවීම් ඒ අයට පහසු වෙන විදියට අලුත් ණයවලට ගිහිං ඒ කටයුතු කරගෙන යන්න කියලා. නමුත් මේ අවුරුද්ද මුල සිට ඇති වුණු අපහසුතාවයන් නිසා අපටත් ඉල්ලීම් කිහිපයක් ලැබිලා තිබුණා, ඒ වගේම විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ඒ ඉල්ලීම් කරලා තියෙනවා සහන කාලයක් නැවත ලබා දෙන්න කියලා. නමුත් අපිටත් හැකියාවක් නැහැ, අපි දන්නවා බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවයට ණය ගෙවීම් පමාවීම විශාල වශයෙන් බලපානවා. වර්තමානයේ ආර්ථික ක්‍රමයේ තියෙන යම් යම් වෙනස්වීම්වලටත් බලපෑමක් ඇතිකරලා තියෙනවා. ඒක නිසා අපි තැන්පත්කරුවන්ගේ තැන්පතු සුරක්ෂිතභාවය ගැනත් අවධානය යොමු කරන්න වෙලා තියෙනවා. ඒ අවධානයත් යොමු කරන ගමන් මුදල් මණ්ඩලය ඒ අනුව තීරණය කළා බැංකු පද්ධතියට යම්කිසි රාමුවක් නිකුත් කරන්න, ඒ රාමුව තුළ ඉඳලා එකිනෙක ණය ගැනුම්කරුවන් සමඟ කතාකරලා ඒ ණය නැවත ප්‍රතිව්‍යූහගත කරන්න.“

     

    .