July, 16, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ, තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management System - OMS) අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
මේ අතර පෙරවරු 10.40 ට දෛනික ගනුදෙනු නැවත වරක් ආරම්භ කිරීමට නියමිත බව කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කර සිටී.
Video Story