තාවකාලිකව අත්හිටුවූ EPF සේවා යළි ඇරඹෙයි

    May, 21, 2025

    අද (21) පෙරවරුවේ සිට තාවකාලිකව අත්හිටුවනු ලැබූ දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් (EPF) ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාර ගැනීම අද (21) දහවල් 12 සිට යළිත් සාමාන්‍ය පරිදි සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

    සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ සිදුකරන ලද හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් මෙලෙස සිය සේවාවන් අද (21) සිට මැයි 23 දක්වා තාවකාලිකව අත්හිටුවනු ලබන බව කම්කරු දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණි.