තිරසර සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම සඳහා SLTDA හා Airbnb හවුල්කාරීත්වයකට එළඹෙයි

    August, 10, 2018

    Airbnb සහ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ශ‍්‍රී ලංකාව තුළ Airbnb Experiences දියත් කිරීමසඳහා සහ රට පුරා දේශීය, සැබෑ හා තිරසර සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ක‍්‍රමෝපායාත්මක හවුල්කාරිත්වයක් ඇති කර ගන්නා බව ඊයේ (09) දින නිවේදනය කළේ ය.

    ආසියාව තුළමෙවැනි හවුල්කාරිත්වයක් ඇති කර ගැනෙන ප‍්‍රථම අවස්ථාව මෙය යි.මේ යටතේ Airbnb සහ SLTDA දේශීය අත්දැකීම් සඳහා සත්කාරකත්වය සපයන්නන් Airbnb වේදිකාව මතට කැඳවා ගෙන ඒම සඳහාත් ලොව වටා සංචාරකයන් සමග තමන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ශ‍්‍රී ලංකාව පුරා සිටින දේශීය ජනයාට සහාය වීම සඳහාත් එක්ව කටයුතු කරනු ඇත.

    සංචාරකයන්ට දැන් ශ‍්‍රී ලංකාව තුළ දී දේශීය ප‍්‍රවීණයන් විසින් සැලසුම් කොට මෙහෙයවෙන Airbnb Experiences 40කට වැඩි ගණනක් තමන් කැමති පරිදි තෝරා ගෙන අත්විඳිය හැකි ය. අපගේ ශ‍්‍රී ලාංකික සත්කාරකයන් විසින් ගාල්ලේ උරුමය නැරඹීමේ සංචාර, මිරිස්සේ surfing අත්දැකීම්, ශ‍්‍රී ලංකාවේ වනෝද්‍යානවල වික‍්‍රමාන්විත පා ගමන් හා කොළඹ නොයෙක් ස්ථානවල දී හොඳ ම දේශීය ආහාර භුක්ති විඳීම වැනි විවිධ වර්ගයේ අත්දැකීම් ගණනාවක් සංචාරකයන් වෙත පිරිනැමේ.

    ”ශ‍්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සමග මෙම හවුල්කාරිත්වයට අත්සන් තැබීමට ලැබීම අපට සතුටක්. මෙය ආසියාව තුළ දී මෙවැනි හවුල්කාරිත්වයක් ඇති කර ගත් ප‍්‍රථම අවස්ථාව,” ඉන්දියාවේ හා ශ‍්‍රී ලංකාවේ දේශීය කළමනාකරු අමන්ප‍්‍රීත් බජාජ් මහතා පැවසුවේ ය.

    ”මෙම හවුල්කාරිත්වය හරහා ඉතා ඇල්මෙන් සිය කාර්යයෙහි නිරත වන දේශීය සත්කාරකයන්ගේ මග පෙන්වීම යටතේ සංචාරකයන්ට ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල දී අද්විතීය සංස්කෘතික අත්දැකීම් විඳ ගැනීමට අවස්ථාව ලැබේවි.”

    ”ශ‍්‍රී ලංකාව තුළ දී සංචාරකයන් ලබන අත්දැකීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා Airbnb සමග කටයුතු කිරීමට අපි උනන්දුවෙන් බලා සිටිනවා. මෙවැනි හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඉතා ම වැදගත්කියා අපි කල්පනා කරනවා. Airbnb Experiences සඳහා සහාය දීමට ඉතා ම කැප වීමෙන් කටයුතු කරන්නත් සංචාරකයන්ට ශ‍්‍රී ලංකාව විසින් පිරිනැමෙන සංචාරක අත්දැකීමට අගයක් එකතු කිරීම සඳහා මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා,” SLTDA සභාපති කාවන් රත්නායක මහතා පැවසුවේ ය.

    ”අද දින නිවේදනය කෙරෙන මෙම හවුල්කාරිත්වය හරහා දේශීය, සැබෑ හා තිරසර සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ රජය සමග එක්ව කටයුතු කරන්න අපි උනන්දුවෙන් බලා සිටිනවා,” APAC ආයතනයේ Strategic Partnerships පිළිබඳ ප‍්‍රධානි Thao Nguyen මහතා කියා සිටියේ ය. ” Airbnb අත්දැකීම් සඳහා සත්කාරකත්වය සපයන්නන්ගෙන් මූර්තිමත් වන්නේ හිතකර සංචාරක ව්‍යාපාරය යි. අපගේ ශ‍්‍රී ලාංකික සත්කාරකයන් කියන්නේ ප‍්‍රාදේශීය මට්ටමේ ක්ෂුද්‍ර ව්‍යවසායකයන්. සංචාරකයන් ඇල්මක් දක්වන සැබෑ අත්දැකීම් සම්පාදනය කරන්නත් එමගින් විශාල ආදායමක් උපයා ගන්නත් තමයි ඔවුන් අප සමග එක් වන්නේ.”

    Airbnb Experiences යන්නෙන් අදහස් වන්නේ ඇල්මක් දක්වන ප‍්‍රාදේශීය සත්කාරකයන් විසින් මෙහෙයවෙන ක‍්‍රියාකාරකම් හෙවත් විනෝද ගමන් ය. එම ගමන්වල දී ඔවුන් තමන් ඇලූම් කරන දෑ සහ තමන්ගේ අදහස් මෙන් ම බොහෝ අමුත්තන්ට ශ‍්‍රී ලංකාව තුළ දී අන්‍යාකාරයකින් අත්විඳිය නොහැකි සුවිශේෂ ස්ථාන අනාවරණය කරනු ඇත. Social Impact Experienceso දියත් කෙරෙන අතර Airbnb සමග එක්ව කටයුතු කරන දේශීය ලාභ නොලබන සංවිධාන තමන් සේවය කරන ප‍්‍රජාවන්ට උදව් වනඅත්දැකීම් ප‍්‍රවර්ධනය කරන අතර ලොව පුරා දියත් කෙරෙන අර්ථාන්විත සමාජ ක‍්‍රියාකාරකම්වල නිරත වනු ඇත. Airbnb කිසිදු ගාස්තුවක් අය නොකරන අතර උපයා ගැනෙන සියලූ මුදල් ඒ ඒ අත්දැකීම සඳහා සහාය දෙනලාභ නොලබන සංවිධානය වෙත ඍජුව ම යොමු කෙරෙන බව සහතික කරයි.

    නගර 12ක අත්දැකීම් 500ක් සහිතව 2016 වසරේ දී දියත් කරන ලද Airbnb වේදිකාව දැන් නගර 800කට වැඩි ගණනක දී අත්දැකීම් 15,000කට වැඩි ගණනක් පිරිනමයි. මෙම වසර අවසන් වන විට අප ආයතනය නගර දහසකට ව්‍යාප්ත වී සිටිනු ඇත.

    ශ‍්‍රී ලංකාවේ චාරිකා කරන අමුත්තන්ට සහ දේශීය සංචාරකයන්ට තමන් කැමති අත්දැකීම් රැසක් විඳ ගත හැකි ය. උදාහරණය කිහිපයක් පහත දක්වා ඇත:

     

    ආහාර

    කොළඹ රස - 2013 වසරේ සිට Airbnb දේශීය සත්කාරකයෙකු වශයෙන් කටයුතු කර ඇති ජොනතන් විසින් සත්කාරකත්වය සැපයේ. කොළඹ ජීවත් වන ජොනතන් ආහාර ගැන විශේෂ ඇල්මක් දක්වන අතර කොළඹ පිහිටි හොඳ ම බොජුන් හල් කවරේ දැයි දනී. මෙම චාරිකාව බොජුන් හල් තුනක් ආවරණය කරන අතර කොළඹ පිහිටි සංචාරකයෙකුට තනිව සොයා ගත නොහැකි අප‍්‍රකට ස්ථාන හා සංස්කෘතික වටිනාකම් සමහරක් අමුත්තන්ට පෙන්වා දෙයි.

     

    ජල ක‍්‍රීඩා

    මිරිස්සේ Surfing - ජාත්‍යන්තර දිය මත ලිස්සා යන්නන්ගේ සංගමයේ (International Surfing Association)  1 වන තලයේ පුහුණුකරුවෙකු වන ප‍්‍රියාල් විසින් සත්කාරකත්වය සැපයේ. පසු ගිය වසර හත පුරා Surfing ක‍්‍රීඩාව උගන්වා ඇති ඔහු සතු අත්දැකීම් ක‍්‍රීඩාව ආරම්භ කරන්නන්ට මෙන් ම විටින් විට ක‍්‍රීඩාවේ යෙදෙන්නන්ට ද ප‍්‍රයෝජනවත් වන අතර රමණීය නිරිතදිග වෙරළ තීරයේ පිහිටි, ීමරෙ කඳවුරේ සිට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි Surf ස්ථාන 15කට වැඩි ගණනක දී විඳ ගත හැකි ය.

     

    උරුමය

    ගාලූ කොටුවේ පා ගමන් - අංකුර ඡුායාරූප ශිල්පියෙකු වන අතීක් විසින් සත්කාරකත්වය සැපයේ. ගාල්ලේ මැණික් වෙළඳාමේ නිරත පවුලක පස් වන පරම්පරාවේ සාමාජිකයෙකු වන ඔහු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය ක්ෂුද්‍ර ආර්ථිකයට සහාය දීම සඳහා දැඩි විශ්වාසයකින් කටයුතු කරන්නෙකි. මෙම පා ගමනේ දීරසවත් කතන්දර හා කරුණු ඔස්සේ ගාල්ල කොටුවේ දැක ගත හැකි විවිධ පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසි බලපෑම් පෙන්වා දෙනු ලබන අතර කොටුව තුළ පිහිටි මනස්කාන්ත පෙත්මගවල විවේකීව ඇවිද යමින් දේශීය ගෘහ නිර්මාණ සම්ප‍්‍රදායන් සහ යුරෝපීය යටත් විජිත බලපෑම් චිත්තාකර්ෂණීය ආකාරයෙන් එකට මුසු වී තිබෙන ආකාරය දැක බලා ගත හැකි ය.

     

    ස්වභාව ධර්මය හා වන ජීවීන්

    මින්නේරිය වනෝද්‍යානයේ Elephant Safari - ලෝකයේ විශාලතම ආසියානු අලි එකතුව බව පැවසෙන ලෝක ප‍්‍රකට මින්නේරිය වනෝද්‍යානයේ දී ලැබෙන මෙම අත්දැකීම සඳහා සත්කාරකත්වය සැපයෙන්නේ අමිල විසිනි.මෙහි දී අමුත්තන්ට සෆාරි ජීප් රථයක නැගී මින්නේරියේ අනතුරුදායක වනය අත්විඳිය හැකි ය.මෙම සංචාරයේ දී මින්නේරිය වැව නැරඹීම සඳහා ද චාරිකා කෙරෙන අතර අමුතන්ට එහි දී කිඹුලන්, කුරුල්ලන් හා විවිධ වර්ගයේ සතුන් මෙන් ම අලි රංචු ද දැක බලා ගත හැකි ය.

     

    සමාජ බලපෑම

    සෙලින් Fair Trade අත්දැකීම - ශ‍්‍රී ලංකාව තුළ පවත්නාසාධාරණ මිල කොමිසම විසින් සහතික කරන ලද එක ම අත් යන්ත‍්‍ර රෙදිපිළි කම්හල දැක බලා ගැනීමට මෙහි දී අවස්ථාව ලැබෙනු ඇත. මෙම අත්දැකීම සඳහා සත්කාරකත්වය සැපයෙන්නේ සෙලින් විසිනි. මෙය සංචාරක අත්දැකීමක් බවට පත් කර, සෙලින් පදනම සඳහා අරමුදල් රැුස් කරන්නියක ලෙස කටයුතු කරමින් ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ කටයුතුවල ප‍්‍රධානත්වය දරන්නේ සෙලින් ය. චාරිකාවල නායකත්වය දරන්නේ යශෝධරා ය. මෙම අත්දැකීමේ දී අමුත්තන්ට අත් යන්ත‍්‍ර රෙදිපිළි නිපදවීමේ ක‍්‍රියාවලියේ පළමු පියවර වන ඩයි යන්ත‍්‍රාගාරය, රෙදි වියන ස්ථාන දැක බලා ගනිමින් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය තරම් ම පැරණි අත් යන්ත‍්‍ර රෙදිපිළි සම්ප‍්‍රදාය අත්විඳිය හැකි ය. මෙහි දී සෙලින් මූලස්ථානයට ද චාරිකා කෙරෙන අතර ප‍්‍රාදේශීය කාන්තාවන් 125 දෙනෙකු පමණ එක්ව නිමි භාණ්ඩ සකස් කෙරෙන ආකාරය එහි ධී දැක බලා ගත හැකි ය. ඉන් පසුව ගමේ දී සාම්ප‍්‍රදායික දිවා ආහාරයක් සැපයෙන අතර ඉන් අනතුරුව ඔවුන්ගේ ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරය වෙත ද චාරිකා කළ හැකි ය.

    ** සමාජ බලපෑම් සහිත සංචාරක අත්දැකීමක් වන මින් ලැබෙන සියලූ ආදායම් සෙලින් අත් යන්ත‍්‍ර රෙදිපිළි ආයතනයේ ලාභ නොලබන අංශය වන සෙලින් පදනම වෙත යොමු කෙරේ. සෙලින් පදනම දියත් කර ඇත්තේ සෙලින් ආයතනයට සම්බන්ධ වී කටයුතු කරන ශිල්පිනියන්ට සහ ඔවුන්ගේ ප‍්‍රජාවන්ට අමතර ජීවනෝපාය සහායක් සම්පාදනය කිරීමේ දැක්ම ඇතිව ය.

     

    * මෙහි දක්වා ඇති සෑම අත්දැකීමක ම අරමුණ උදාහරණ මගින් විදහා පෑම හා උනන්දුව ඇති කිරීම යි. Airbnb ආයතනය එක් අත්දැකීමක් අනෙකට වඩා උසස් යැයි නිර්දේශ නොකරයි.