තෙල් තිබෙන තැන් දැනගන්න හඳුන්වා දුන් වෙබ් අඩවිය වසා දමයි

    June, 18, 2022

    ඉන්ධන ලබාගතහැකි පිරවුම්හල් දැනගැනීම සඳහා පසුගිය දා හඳුන්වා දුන් වෙබ් අඩවිය මේ වන විට අක්‍රීය වී ඇත.

    අදාළ අධිකාරීන්ගෙන් ලද උපදෙස් මත මෙම වෙබ් අඩවියේ කටයුතු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව fuel.gov.lk වෙබ් අඩවියට පිවිසීමේ දී සඳහන් කර තිබෙනු දක්නට ලැබේ.

    දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබඳ තොරතුරු වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීමත් එම තොරතුරු මහජනතාවට පහසුවෙන් දැන ගැනීමට ඉඩකඩ සලසාදීමත් අරමුණු කරගනිමින් මෙම ඉන්ධන කළමනාකරණ පද්ධතිය දියත් කරනු ලැබූ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පසුගිය දා කියා සිටියේය.

    සබැඳි පුවත්,

    පෙට්‍රල්, ඩීසල් තිබෙන තැන් දැනගන්න ක්‍රමයක් මෙන්න June, 11, 2022