June, 26, 2025
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ඔවුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka, අගෝස්තු 02 වන දින නිල වශයෙන් විවෘත කරන බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි. ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමින් යුතු මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අරමුණු කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය සුපිරි හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය, සාප්පු සවාරි සහ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ අත්දැකීම් එකම ස්ථානයකට රැගෙන එයි.
විශේෂාංග
COD එහි වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකාව සතු සුවිශේෂී පිහිටීම භාවිත කරමින් සංචාරක ක්ෂේත්‍රය තුළ අසමසම සංචාරක අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වෙයි. තවද මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට සහ කලාපයෙන් සහ ඉන් ඔබ්බට වැඩි සංචාරකයින් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
විශේෂ සටහන්:

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා අදහස් දක්වමින් පැවසුවේ “මීට වසර 10කට පෙර සංකල්පයක් ලෙස ඉදිරිපත් වූ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka යනු කොළඹ නාගරික පරිසරය තුළ විවේකය හා විනෝදාස්වාදය සඳහා වඩාත් ගැලපෙන සංචාරක නවාතැනයි. එය උසස් ජීවන රටාව. සාප්පු සවාරි හා විනෝදාස්වාද අවස්ථාවන් රැසක් උදා කර දෙන අසමසම සංචාරක ව්‍යාපාරයක් ලෙසද සඳහන් කළ හැකිය. විශිෂ්ට සංචාරක හෝටල් පහසුකමකට අවැසි සියලු අංගවලින් පරිපූර්ණ දකුණු ආසියාවේ සුවිසල් සංවර්ධන ව්‍යාපෘතියක් වන ඒ තුළින් සංචාරක අවශ්‍යතාවන් සපුරාලීමට සමත් වන අතරම විදේශ විනිමය ඉපයීමේදී හා රැකියා උත්පාදනයේදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මහඟු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා” යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ Melco Resorts & Entertainment හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී Lawrence Ho මහතා සඳහන් කර සිටියේ:
“ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමට මෙන්ම ජෝන් කීල්ස් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ශ්‍රී ලංකාවට ඇති හැකියාවන් ඉතා විශාලයි. මෙම ව්‍යාපෘතිය එම හැකියාවන් රැසක් විදහා දැක්වීමට සමත් වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක අවශ්‍යතා ඉටු කිරීම සඳහා මෙන්ම ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ක්‍ස City of Dreams Sri Lanka තුලින් විශාල පිටිවහලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. එමෙන්ම ජාත්‍යන්තර සංචාරක කලාපයන් හා සමාන ආකාරයෙන් නිර්මාණය කර ඇති සංචාරක හා විනෝදාස්වාද සංකීර්ණයක් ලෙසද මෙම ව්‍යාපෘතිය සඳහන් කළ හැකියි.’’
Video Story