August, 6, 2025
පසුගිය දින දෙක පුරාවට යම්කිසි පසුබැස්මක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ දී සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය.
දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 86.80කින් ඉහළ ගොස් ඒකක 19,804.80ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක -2.44කින් පහළ ගොස් ඒකක 5,827.85ක් ලෙසින් සටහන් විය.
අද සමාගම් 121ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර සමාගම් 82ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණි.
එහි දී මෙල්ස්ටාකෝප්, පීපල්ස් ඉන්ෂුවරන්ස්, කාසන් කම්බර්බැච්, කොපර්රේටිව් ඉන්ෂුවරන්ස් කම්පැනි සහ PGP ග්ලාස් සිලෝන් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක් දායකත්වයක් ලබා දී තිබූ අතර හේලීස්, සම්පත් බැංකුව, NDB, TEEJAY LANKA සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් යන සමාගම් වලින් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ලැබී තිබුණේ සෘණාත්මක් දායකත්වයකි.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 4.45ක් ලෙසයි.
දින 11ක අඛණ්ඩ වර්ධනයකින් පසු පසුගිය සඳුදා (04) සහ අඟහරුවාදා (05) යන දෙදින තුළ කොටස් වෙළෙඳපාළෙහි පසුබෑමක් වාර්තා වී තිබුණි.
Video Story