August, 22, 2025
අගෝස්තු මාසයේ පළමු දින 20 තුළ දී 146,755ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,515,043 ක් ලෙසයි.
අගෝස්තු මාසයේ පළමු දින 20 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වන අතර එරටින් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 33,588කි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 15,726ක්, ඉතාලියෙන් 10,501ක් සහ චීනයෙන් 9,299ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.



Video Story