දින 6කට පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

    May, 20, 2025

    අඛණ්ඩ දින 6කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (20) දිනයේ දී දක්නට ලැබී තිබුණි.

    එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 61.43 කින් පහළ ගොස් ඒකක 16,336.25 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 23.85කින් පහළ ගොස් ඒකක 4,811.19 ක් ලෙසත් සටහන් විය.

    අද දින සමාගම් 127ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබූ අතර එහි දී හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ එයිට්කන් ස්පෙන්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් හේතු වී තිබිණ.

    අද ගනුදනෙු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 1.5ක් ලෙසයි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.32 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.49 ක් ලෙසින් වාර්ත වූ අතර විදෙස් ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය පිරික්සීමේ දී ශුද්ධ විදේශීය ගලා ඒමක් දිනය තුළ වාර්තා වී තිබීම විශේෂත්වයකි.

    එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 189 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 19 ක් ලෙසින් සටහන්ව ඇති අතර ඒ අනුව දිනය තුළ රු. මිලියන 170 ක ශුද්ධ විදේශීය ගලා ඒමක් සටහන්ව ඇත.