දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (25) කොළඹ දී අවධාරණය කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුයැයි විපක්ෂයේ මතය වුවත් එය සිදුකළ යුතුම තත්ත්වයක් තිබෙන්නේ නම් එය රටට උපරිම සහනයක් ලැබෙන සේ කළ යුතු බවත් එවැනි අවස්ථාවක සහයෝගය ලබාදීමට ගැටලුවක් ඇති නොවන බවත් මෙහිදී හෙතෙම අවධාරණය කළේය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිවැරදිව සිදුකළහොත් එයින් දැනට භාණ්ඩාගාර බිල්පත්වල තිබෙන අවදානම් පොලී ප්‍රතිශතය අඩුවී එය පොලී අනුපාත අඩුවීමටද හේතුවක් වනු ඇති බවයි. එවිට, දැනට සංකෝචනය වී ඇති ආර්ථික කටයුතු පුළුල් වීමට අවස්ථාවක් ලැබෙන බවත් මේ මොහොතේ එය අත්‍යවශ්‍ය දෙයක් බවත් ඔහු පැවසීය.
මෙවැනි ආර්ථික කටයුතු පුළුල් වීමක් ව්‍යාපාරිකයින් ඇතුළු මෙරට සියළුම පුරවැසියන්ට අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉදිරියේදී මුදල් කමිටුව හමුවට පැමිණෙනු ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විශ්වාසය පළ කළේය.