March, 1, 2021
දැනට කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ මෙම විද්‍යායතනය, දේශීය වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ට ගෝලීය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලෙස හෙට විවෘත කිරීමට සියල්ල සූදානම්ය.
මෙම විද්‍යායතනයට වසර 77 ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අතර, දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ බොහෝ දේශීය මෙන්ම ජාත්‍යන්තර ශිෂ්‍යයින් ද මෙහි අධ්‍යාපනය ලබා ඇත. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සුවිශේෂී ස්ථානයක් පවත්වා ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම යන අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙම විද්‍යායතනය අඛණ්ඩව උත්සාහ දරයි.
“වසර 77 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය විද්‍යාවේ කේන්ද්‍රස්ථානයක් වූ මෙම ඓතිහාසික විද්‍යායතනය, අංගසම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට ලැබීම ගැන අපි සතුටු වන අතර, විශේෂයෙන් අප මුහුණ දෙන COVID-19 වසංගතය හේතුවෙන් දේශීය වෛද්‍ය විද්‍යාව ජනප්‍රිය වී ඇති කාලයකදී, ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාව මේ සමඟ ලොවට ගෙනයාමටද අපි බලාපොරොත්තු වෙමු,” විශ්ව විද්‍යාලයේ පළමු උප කුලපති සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) හිටපු උප සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේ පැවසුවේය.
මෙහි සමාරම්භක උත්සවය අද දින (මාර්තු 1) ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වන අතර නිල ආරම්භක උත්සවය 2021 මාර්තු 4 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය යටතේ BMICH හීදී පැවැත්වේ.
Video Story