September, 8, 2025
මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාර අධිරාජ්‍ය සමඟින්, තවත් මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ ලැයිස්තුගත නොවූ ව්‍යාපාර සමූහයක් වන ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් එක්වනු ලබන බව වාර්තා වේ.
මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම ධම්මික පෙරේරා මහතාගේ නවතම ආයෝජන හස්තය වන වැලිබල් ත්‍රී සමාගම හරහා සිදුකෙරෙනු ඇත. වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරමින් ව්‍යාපාර සඳහා 50:50 ක හවුල්කාරීත්ව අවස්ථා ලබා දීම වෙනුවෙන් මෙම වැලිබල් ත්‍රී සමාගම ක්‍රියාත්මක වේ.
මේ අතර අද (08) දින කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දීමක් කරමින් ලාෆ්ස් සමූහ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පවසන්නේ, ලාෆ්ස් සමූහයේ අධ්‍යක්ෂ තිලක් ද සිල්වා මහතා විසින් දරන ලද, ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි 39.58% ක කොටස් හිමිකාරීත්වය පසුගිය සැප්තැම්බර් 04 දින වැලිබල් ත්‍රී (පුද්) සමාගම වෙත හුවමාරු කර ඇති බවයි. තවද තිලක් ද සිල්වා මහතා හෙට (09) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ලාෆ්ස් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වන බව ද දැනුම් දී තිබේ.
අද වන විට ලාෆ්ස් සමූහයේ ව්‍යාපාරයන් ට ලාෆ්ස් සමාගම ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය යන රටවල ව්‍යාප්තව පවතී. විදුලිබල හා බලශක්ති, කාර්මික/නිෂ්පාදන, පාරිභෝගික සිල්ලර වෙළඳාම, සේවා, විවේකාස්වාද සහ සැපයුම් අංශ හරහා කර්මාන්ත අංශ 20 කට අධික සංඛ්‍යාවක එහි කටයුතු පුළුල් වී තිබේ. එසේම මෙම සමූහයේ වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 300 ඉක්මවන අතර 3,500කට අධික කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් එහි සේවය කරනු ඇත.
ලාෆ්ස් හෝල්ඩිංග්ස් යටතේ එන ලාෆ්ස් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී එහි ලැයිස්තුගත සමාගම් වේ.
Video Story