නවාරා කැපිටල් පාට්නර්ස් 70% ක කොටස් අයිතිය ඒසියා කැපිටල් යටතට

    December, 22, 2020

    නවාරා කැපිටල් පාට්නර්ස් ලිමිටඩ් හි 70% ක කොටස් අයිතිය මිල දී ගැනීමට ඒසියා කැපිටල් පීඑල්සී එකඟ වී තිබේ.

    මේ අනුව නවාරා කැපිටල් පාට්නර්ස් ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 3,536,400 ක් නවාරා කැපිටල් ලිමිටඩ් වෙතින් මිල දී ගැනීමට ඒසියා කැපිටල් පීඑල්සී ඊයේ (21) එකඟ වූ බව එහි විධායක අධ්‍යක්ෂ ස්ටෙෆාන් අබේරත්න කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    නවාරා කැපිටල් පාට්නර්ස් ලිමිටඩ් වර්තමානයේ ආයෝජන සමූහ සමාගමක් වශයෙන් කටයුතු කරනු ලබයි.