July, 22, 2025
Clothespin Management and Development (Private) Limited. සමාගම, කොළඹ වරාය නගරය තුළ Clothespin Towers නමින් ස්ථාවර වන කලාත්මක සහ ගෘහ නිර්මාණ ශිල්පීය නිරූපකයක් ලෙස නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවට වාර්තා වෙයි.
මේ හරහා ලොව පිළිගත් ආයෝජකයන්, ගෝලීය බලපෑම්කරුවන් සහ ප්‍රසිද්ධ සමාගම් මෙරටට ආකර්ෂණය කරගැනීමට හැකිවන බවටයි වාර්තා වන්නේ.
Clothespin Towers, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන දේපළ වෙළඳාම් සහ සංචාරක කර්මාන්තය තුළ සුවිශේෂී ආයෝජනයක් බවට පත්වෙමින්, නේවාසික, සත්කාරක සහ වාණිජ යන ඉහළ වටිනාකමක් සහිත වෙළඳපල අංශ සඳහා පහසුකම් සැලසීමට උපාය මාර්ගික වශයෙන් සැලසුම් කර ඇත.
Clothespin Management and Development (Private) Limited. සමාගම, ලොව විශාලතම කලාගාරය සඳහා ද ඉඩ පහසුකම් සලසන අතරම, සුඛෝපභෝගී නිවාසවලින්, තරු හතේ හෝටලයකින්, ඉහළ තත්ත්වයේ සිල්ලර වෙළඳ අවකාශයන් සහ විශිෂ්ට තලයේ කාර්යාලීය පරිසරයන්ගෙන් සමන්විත වූ ආශ්චර්යමත් ද්විත්ව කුළුණු ව්‍යාපෘතියක් කොළඹ වරාය නගරයේ වර්ග මීටර 24,324 ක් පුරා විහිදුණු 2-01-11 හෝටල් භාවිත බිම් කැබැල්ල තුළ නිර්මාණය කිරීමට අරමුණු කර ඇත.
Clothespin twin-tower ව්‍යාපෘතිය තුළ ද අධි සුඛෝපභෝගී නිවාස, තරු හතේ හෝටලයක්, ඉහළ පෙළේ අවන්හල්, ඉහළ පෙළේ සිල්ලර වෙළඳ අවකාශ, නවීන මාදිලියේ ඉන්ෆිනිටි පිහිනුම් තටාක, සුවතා මධ්‍යස්ථාන සහ ඉහළ තාක්ෂණයෙන් යුත් කාර්යාලීය අවකාශ යන විශේෂාංග අන්තර්ගත වේ.
LEED රන් සහතිකය අනුව සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියෙහි සුහුරු ගොඩනැගිලි පද්ධතියක්, බල ශක්තිය ඉතිරි කරන යටිතල ව්‍යුහයක්, සූර්ය බලයශක්තිය, වැසි ජලය රැස්කිරීමේ සහ ස්වයංක්‍රීය දේශගුණ පාලනය කිරීමේ ක්‍රම ඒකාබද්ධ කරයි.
Clothespin Management and Development (Private) Limited. සමාගම ඇ.ඩො. 75,000,000 ක් භූමියේ බදු සඳහා ද ඇ.ඩො.465,104,317 ක් කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් පිරිවැය සහ පූර්ව මෙහෙයුම් වියදම් සඳහා ද වශයෙන් වෙන්කරමින් ඇ.ඩො. 540,104,317 ක මුළු ආයෝජනයක් සිදු කිරීමට අදහස් කර ඇති අතර පළමු වසර තුළ සේවකයන් 280 ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත.
මෙම සමස්ත සැලැස්ම, කොළඹ නගරය කලාත්මක නව සංකල්පයන් සඳහා වන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින්, ලෝකයේ විශාලතම කලාගාරය ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක්වීම සඳහා සැලසුම් කර ඇත.
ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවමින් දැවැන්ත බිග් බෙන් ඔරලෝසුව හා සමාන වූ මීටර් 15ක් විශාල සුවිශේෂී සුවිසල් ඔරලෝසුවක් සෑදීමට සැලසුම් කර ඇති අතර, මෙය, සෑම තට්ටුවක්ම ආකර්ෂණීය කලා අවකාශයක් ලෙස දිස්වන ලොව කීර්තිමත් කලාකරුවන්ගේ නිර්මාණයන් ප්‍රදර්ශනය කරන අග්‍රගන්‍ය වූ ප්‍රදර්ශන පැවැත්වෙන ලොව විශාලතම සිරස් කලාගාරය වනු ඇත.
Clothespin Towers ලෝකයේ වඩාත් පිළිගත් සහ වැඩිම පිරිසක් නැරඹීමට පැමිණෙන ස්ථාන වලින් එකක් බවට පත් වීමට මෙන්ම එය ගෘහ නිර්මාණ ශිල්පීය විශිෂ්ටත්වයේ, සංස්කෘතික නව්‍යකරණයේ සහ ආර්ථික ආධිපත්‍යයේ සංකේතයක් බවට පත්වීමට සැලසුම් කර ඇත.
එය හුදෙක් ආයෝජනයකට එහා ගිය ගෝලීය දේපළ වෙළඳාම, විනෝදාස්වාදය සහ සුඛෝපභෝගී බව යන අංශවල නව මානයක් ලබා දීමකි.
Video Story