නැගෙනහිර පර්යන්තයට ග්‍රැන්ටි දොඹකර චීනයේ Shanghai Zhenhua වෙතින්

    November, 24, 2021

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැ‍ඟෙනහිර බහළු පර්යන්තය සඳහා බහළු මෙහෙයුම් උපකරණ ප්‍රසම්පාදනය කිරීම
    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැ‍ඟෙනහිර බහළු පර්යන්තය සඳහා නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 14ක්, රේල්පීලි මත සවිකර ක්‍රියාකරන ස්වයංක්‍රීය ගැන්ට්‍රි ‍දොඹකර 40ක් සහ බහාළු ප්‍රවාහන වාහන 30ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2021 මාර්තු මස 29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ලංසු 06ක් ඉදිරිපත් වී ඇත.
    ඒ අනුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 12ක් සහ රේල්පීලි මත සවිකර ක්‍රියාකරන ස්වයංක්‍රීය ගැන්ට්‍රි ‍දොඹකර 40ක් සඳහා වන ප්‍රසම්පාදනය, ෂැන්හයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.