නුවර වැසියන්ට ඇමති හරින්ගෙන් සුබ ආරංචියක්. ආසියානු කුසලානයෙන් අමතර මුදලක් උපයාගන්නා හැටි මෙන්න

    August, 25, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරග නොබෝ දිනකින් මහනුවර දිස්ත්‍රික්කයට පැමිණීමට නියමිත බැවින් නවාතැන් පහසුකම් සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත්, මහනුවර වෙසෙන ඔබගේ නිවසේ අමතර කාමරයක්, නිවාස ඒකකයක් හෝ වෙනත් ඕනෑම වර්ගයේ නවාතැන් පහසුකමක් ලබාදීමට හැකියාවක් ඇත්නම් එය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ ලියාපදිංච් කිරීමෙන් අමතර ආදායමක් උපයාගත හැකි බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    මීට අදාළ තොරතුරු ඇතුළත් සටහනක් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර ඇත.