January, 30, 2024
මෙවර ජාතික නිදහස් දින සැමරුම යෙදී ඇති පෙබරවාරී 04 වනදා දිනය ඉරිදා දිනයක් වන බැවින් ඊට පසු දින, එනම් පෙබරවාරි 05 වන සඳුදා දිනය, නිවාඩු දිනයක් ලෙසට නම් කිරීම සඳහා ඉල්ලීම් ලැබී ඇති බවත් මේ වන තෙක් ඒ සඳහා තීරණයක් ගෙන නොමැති බවත් ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.
අද (30) පෙරවරුවේ විකාශය වූ "අද දෙරණ BIG FOCUS" වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
"තවම එහෙම තීරණයක් රජය විසින් ලබා දීලා නැහැ. තවම එහෙම තීරණයක් අරගෙන නැහැ. කෙසේවෙතත් ඉල්ලීම් ලැබිලා තියනවා. ඒ ඉල්ලීම් අපි බලාපොරොත්තු වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා වෙත යොමු කරන්න. නමුත් ඉල්ලීම් පමණයි ඒවා. නමුත් තීරණයක් තවම අරගෙන නැහැ."
Video Story