පාකිස්ථානයෙන් බාස්මතී සහල් ආනයනය රාජ්‍ය ආයතන හරහා

    October, 13, 2020

    පාකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ විධිවිධාන අනුව තීරු බදු සහන යටතේ බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6,000ක් වාර්ෂිකව ආනයනය කිරීමට හැකියාව පවතී.

    පසුගිය කාලයේදී එම පහසුකම යටතේ බාස්මතී සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට ද අවසර ලබා දී තිබූ නමුත්, නියමිත වර්ගයන්ට අයත් නොවන සහල් ආනයනය කරමින් විවිධ අක්‍රමිකතා සිදු කර ඇති බවට පැමිණිලි ලැබී ඇත.

    එම කරුණු සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ (නීතිගත) සංස්ථාව සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව/ලංකා සතොස සමාගම යන ආයතන විසින් පමණක් එම පහසුකම යටතේ බාස්මතී සහල් ආනයනය කිරීම පිණිස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.