August, 18, 2023
පාකිස්ථානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් නුවර සිට කොළඹ බලා පැමිණීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගෙන තිබිණි. එම කණ්ඩායමේ සාමාජිකයෝ 2023 අගෝස්තු 17 දින UL 154 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි අතර, ගුවන් යානයේදී ඔවුන්ට ඉතාමත් සුහද පිළිගැනීමක් හිමි විය. ඔවුන්ගේ ගුවන් ගමන සුවිශේෂී අත්දැකීමක් බවට පත්කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා තිබිණි. පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමග එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියකට සහභාගී වීමට නියමිත ය. තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව පාකිස්ථාන කණ්ඩායම, 2023 අගෝස්තු 27 දින UL 185 දරන ගුවන් යානයෙන් ආපසු පිටත්ව යනු ඇත.
Video Story