පෑන් ඒෂියා බැංකුව, IBM හි සහාය ඇතිව සිය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කරයි

    May, 21, 2025

    ශ්‍රී ලංකාව පුරා කඩිනම්, ආරක්ෂිත සහ වඩාත් විශ්වාසදායී බැංකු සේවාවක් ලබා දීමේ අරමුණින්, පෑන් ඒෂියා බැංකුව සිය ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා IBM ආයතනය සමග සහයෝගීතාවයකට එළැඹ තිබේ.

    ශ්‍රී ලංකාවේ නූතන ගනුදෙනුකරුවන් පුද්ගලානුබද්ධ නිෂ්පාදන සේවාවන් සහ විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත බැංකු සේවාවක් අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ එම අවශ්‍යතාවයන් කාර්යක්ෂම සැපයීම උදෙසා පෑන් ඒෂියා බැංකුව මෙම නවෝත්පාදන පියවර ගෙන ඇත. IBM ආයතනය සමග ඇති කරගත් සහයෝගීතාවය ඔස්සේ පැය 24/7 පුරාම අඛණ්ඩ බැංකු සේවාවක් ලබා දීමට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සිය බැංකු පද්ධතියේ කාර්ය සාධනය නිරීක්ෂණය කරමින් දත්ත ගබඩාවන් පුළුල් කිරීමට සැලසුම් යොදා තිබේ.  මෙම වැඩිදියුණු කිරීම් හරහා බැංකුවේ Cloud තාක්ෂණය මත පදනම් සේවාවන් වෙත ප්‍රවේශ වීමට සහ අඩු කාල සීමාවකදී වඩාත් විශ්වාසදායී සේවාවක් තම ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට උපකාරී වනු ඇත.

    IBM හි ව්‍යාපාරික සහකරු වන South Asian Technologies (SAT) සමග හවුල් වෙමින් පෑන් ඒෂියා බැංකුවේ කාර්ය සාධන අධීක්ෂණය සඳහා තත්‍ය කාලීන full stack නිරීක්ෂණයෙන් සමන්විත IBM Power10 servers, IBM FlashSystem සහ IBM Instana ඇතුළු දෙමුහුන් Cloud තාක්ෂණික විසඳුම් මෙහිදී ස්ථාපිත කරන ලදී.

    මෙම පරිවර්තනය තුළින් දැනටමත් පෑන් ඒෂියා බැංකුව තුළ ශක්තිමත් ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. ඒවා අතරින්:

    • යෙදුම් කාර්ය සාධනය 40% කින් වැඩිවීම
    • නව බැංකු සේවාවේ 50%ක වේගවත් ව්‍යාප්තිය
    • වැඩිදියුණු කළ සේවා කාලය සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීම

    මෙම නව්‍යකරණයත් සමගින් ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ගේ ගතික අවශ්‍යතාවයන් සපුරාලීමට සහ ඩිජිටල් නවෝත්පාදන මෙහෙයවීමේ ප්‍රමුඛයෙකු ලෙස බැංකු ක්ෂේත්‍රයේ මැනවින් ස්ථානගත වීමට පෑන් ඒෂියා බැංකුවට හැකියාව ලැබේ.

    ‘‘අපගේ ගනුදෙනුකරුවන්ට සහ කොටස්කරුවන්ට වඩාත් ප්‍රයෝජනවත්, නව්‍යකරණයෙන් යුත් වගකීම් සහගත බැංකු සේවාවක් ලබා දීමේ දී අපගේ තාක්ෂණික පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍යතාවයක් මතු විය. ලෝකය පුරා තිබෙන බැංකුවල ඩිජිටල් පරිවර්තනයක් උදෙසා මනා තාක්ෂණික සහයෝගයක් ලබා දීමේ ඉතිහාසයක් IBM ආයතනය සතුව පවතී. එමනිසා මෙම සහයෝගීතාවය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ගේ සබඳතාවන් ශක්තිමත් කරමින්, ඔවුනට නවෝත්පාදනයෙන් යුතු වඩා හොඳ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අපට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු’’ යැයි පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී කාංචන දේවසුරේන්ද්‍ර මහතා පැවසීය.

    මෙම සහයෝගීතාව පිළිබද අදහස් දක්වමින් IBMහි ඉන්දියානු සහ දකුණු ආසියාවේ කළමනාකාර අධ්‍යක්ෂ සන්දීප් පටෙල් මහතා මෙසේ පැවසීය.

    ‘‘ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කර ගැනීම සඳහා සුවිසල් අවස්ථාවන් රැසක් පවතින අතර, කෘත්‍රිම බුද්ධිය (AI) සහ දෙමුහුන් Cloud තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් පෑන් ඒෂියා වැනි දූරදර්ශී ආයතන සමග කටයුතු කරන්නට ලැබීම සම්බන්ධයෙන් අප ආඩම්බරයට පත් වන්නෙමු. දේශීය විශේෂඥයින් සමඟ අපගේ පද්ධති, මෘදුකාංග හා සේවාවන් ඒකාබද්ධ කොට ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වය මුහුණ දෙන සංකීර්ණ අභියෝග හමුවේ සාර්ථක විසඳුම් සෙවීමට නව හැකියාවන් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින්නෙමු. එ් ඔස්සේ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආර්ථික වර්ධනයක් ගොඩනැගීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි’’

    ශ්‍රී ලාංකේය වෙළඳපොළට අනන්‍ය වූ අවශ්‍යතාවන් හඳුනා ගනිමින්, IBM ආයතනය විසින් උපාය මාර්ගික සහයෝගීතාවයන් පෝෂණය කිරීමට සහ දේශීය ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව දේශීය කර්මාන්ත තුළින් තිරසාර වර්ධනයක් කරා ළඟා වීමට අවශ්‍ය සියලු ක්‍රමෝපායයන් හා විසඳුම් නිර්මාණය කර දීමට IBM ආයතනය අඛණ්ඩව සිය දායකත්වය සපයනු ඇත.

     

    ඡායාරූප විස්තරය - පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී කාංචන දේවසුරේන්ද්‍ර (වම්පස) සහ IBM හි ඉන්දියාව සහ දකුණු ආසියාවේ කළමනාකාර අධ්‍යක්ෂ සන්දීප් පටෙල් (දකුණුපස)