• abroad
  • Ada Derana BIZ Sinhala
  • gold jewelery
  • sri lanka

පිටරට සිට ප්‍රමාණය ඉක්මවා රන් ආභරණ පැළඳ ආවොත් වැඩ වරදී – මුදල් රාජ්‍ය ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

October, 14, 2022

  • මසකට ඇ.ඩො. මිලියන 30ක අහිමිවීමක්
  • විදේශයන්හි සිට ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ පැමිණෙන
  • ජාවාරම්කරුවන්ට වහාම වැට බඳී
  • නීතිමය පියවර කඩිනමින්

ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ හේතුවෙන් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 30ක් පමණ ආදායමක් රටට අහිමි වන බවයි අමත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගැනීම සිදු කර ඇති බවත් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් පවසන අමාත්‍යවරයා මේ හේතුවෙන් සාමාන්‍ය මගීන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව ද අවධාරණය කරයි.