August, 4, 2022
පසුගිය සති කිහිපය තුළ අක්‍රීයව පැවති, ඉන්ධන ලබාගත හැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැනගැනීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විසින් දියත් කරන ලද ඉන්ධන කළමනාකරණ පද්ධතිය හෙවත් https://fuel.gov.lk/ වෙබ් අඩවිය යළිත් වරක් සක්‍රීය වී ඇත.
මෙමගින් ඉන්ධන ඇති පිරවුම්හල්, ඒවායේ ඇති ඉන්ධන වර්ග සහ ඒ ඒ ඉන්ධන ප්‍රමාන ද දැනගත හැකිවේ.
මෙම ඉන්ධන කළමනාකරණ පද්ධතියෙන් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබඳ තොරතුරු වඩාත් පහසුවෙන් කලමනාකරණය කිරීමත් එම තොරතුරු මහජනතාවට පහසුවෙන් දැන ගැනීමට ඉඩකඩ සලසාදීමත් අරමුණින් යුතුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙය දියත් කරන ලදී.
Video Story