පොරොන්දු නෝට්ටුවල ආයෝජනය කරන්නේ බලාගෙනයි…

    August, 20, 2020

    මූල්‍ය ආයතනයන් හි පොරොන්දු නෝට්ටුවල (promissory note) ආයෝජනය කිරීමේ දී ආයෝජකයින් ඒ පිළිබඳ දැනුවත් විය යුතු බවත්, පොරොන්දු නෝට්ටු තැන්පතු, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා සුදුසුකම් නොලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පවසයි. අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අද (20) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

    “මූල්‍ය ආයතනවල තැන්පතු, රක්ෂණ ආවරණයකට යටත් වෙලා තියෙන්නේ. නමුත්, තැන්පතු කියන නිවර්වචනය යටතේ සමහර වෙලාවට ‘පොරොන්දු නෝට්ටු‘ තිබෙන්න පුළුවන්. ඒ පොරොන්දු නෝට්ටු මේ යෝජනා ක්‍රමයට අයිති නැහැ.“

    “ඒ නිසා සමහර වෙලාවට වැරදි අවබෝධයක් ඇතිවෙන්න පුළුවන්සමහර අයට ඔය නිර්වචන විවිධාකාරයෙන්  තියෙන නිසා, පොරොන්දු නෝට්ටුත් මේ තැන්පතු ණය රක්ෂණ යෝජනා ක්‍රමයෙන් ආවරණය වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ආයෝජනය කරන අයත් මෙය දැන ගත යුතු කරුණක්.“

    “ඒ නිසා අපි මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ, මේ තැන්පතු ආවරණය යටතේ ඉන්න අයට පමණයි මේ ආරක්ෂාව ලැබෙන්නේ. “