පොලී අඩු කරන්නැයි මහ බැංකුව බැංකුවලට කියයි

    January, 26, 2023

    තැන්පතු පොලී අනුපාතික සහ ණය පොලී අනුපාතික අඩුකරන ලෙස බැංකුවලට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (25) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    "අපි ගත්ත තීරණ අනුව අපි දකිනවා පොලී අනුපාත දැනටම, වෙළෙඳපොළේ අසාමාන්‍ය ලෙස ඉහළ ගිය පොලී අනුපාත වෙනුවට ඒ මට්ටම් අඩු වේගෙන යනවා. විශේෂයෙන් පසුගිය සති කිහිපය තුළ භාණ්ඩාගාර බිල්පත් පොලිය අඩුවෙලා තියෙනවා. බැංකුවල පොලී අනුපාතයත් අපි සාකච්ඡා කරලා තියෙනවා. බැංකුවලට කියලා තියෙනවා, තැන්පත් පොලී අනුපාත සහ ‌ණය දෙන පොලී අනුපාත තවදුරටත් අඩු කරන්න කියලා."

    මේ සඳහා ප්‍රධාන වශයෙන්ම මහ බැංකුවේ විවට වෙළෙඳපොළ කටයුතු තුලින් වානිජ බැංකුවලට ලබාදෙන කෙටි කාලීන ණය අඩුකිරීම ඇතුළු විවට වෙළෙඳපොළ කටයුතු සඳහා වානිජ බැංකුවලට පැනවූ බාධක හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.