June, 11, 2025
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා වන ප්‍රධාන සැලැස්ම සකස් කිරීම පිණිස උපදේශක ආයතනයක් තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුව යෝජනා කැඳවා ඇත.
එම යෝජනා ඇගයීමෙන් අනතුරුව, එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ සමාගම විසින් කොන්දේසි ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ කොන්ත්‍රාත්තුව අවලංගු කර, ප්‍රසම්පාදන කාර්යය නැවත ආරම්භ කිරීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් කටයුතු කර ඇත.
අලුතින් කැඳවන ලද ප්‍රසම්පාදනය සඳහා නෙදර්ලන්තයේ එයාර්පෝට් කන්සල්ටන්ස් වශයෙන් සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන M/s Haskoning DHV Netherland B.V. විසින් පමණක් තනි යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් එකී යෝජනාව ඇගයීමෙන් අනතුරුව අදාළ උපදේශක කොන්ත්‍රාත්තුව එම ආයතනය වෙත පිරිනැමීම නිර්දේශ කර ඇත.
ඒ අනුව, එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story