බදු ඉහළට. Wagon R, Japan Alto, Spacia ඇතුළු පොඩි කාර් මිල වැඩිවෙන්නේ මෙහෙමයි

    August, 1, 2018

    එන්ජින් ධාරිතාවය 1,000 CC ට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බද්ද අද (01) සිට සංශෝධනය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

    මේ අනුව  එන්ජින් ධාරිතාවය 1,000 CC ට නොවැඩි සාමාන්‍ය මෝටර් කාර් එකක් සඳහා 2018 අගෝස්තු 01 සිට ඒකක බද්ද රු. 1,500,000 ක් ලෙසින් නියම කර ඇති අතර එන්ජින් ධාරිතාවය 1,000 CC ට නොවැඩි විදුලි බලයෙන් ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ද රු. 1,250,000 ක් ලෙසින් සංශෝධනය කර තිබේ.

    මෙහිදී වැඩිදුරටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ 2018 අගෝස්තු 01 දිනට පෙරාතුව ණයවර ලිපි විවෘත කරන ලදුව 2019 ජනවාරි 31 ට පෙර නිෂ්කාශනය කරනු ලබන වාහන සඳහා මෙම නව බදු අදාළ නොවන බවයි.

    මෙම බදු සංශෝධනයත් සමඟම එන්ජින් ධාරිතාවය 1,000 CC ට අඩු කාණ්ඩයේ මෝටර් රථ මිලගණන් ඉහළ යන ආකාරය පිළිබඳ දළ සටහනක් වාහන වෙළෙඳුන්ගෙන් ලැබී ඇති අතර පහත දැක්වෙන්නේ එම සටහනයි.

    මෙම සටහනට අනුව මෝටර් රථ වර්ග කිහිපයකම මිල පහළ යනු ඇති බව ද වාර්තා වේ.