August, 7, 2025
බදු ගෙවීම මග හැර සිටින පිරිස් බදු ගෙවීම සඳහා පෙළඹවීම වෙනුවෙන්, මෙරට රාජ්‍ය ආදායමට දායකත්වය ලබාදෙන ප්‍රධාන ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගතකරණය කරමින් කාර්යක්ෂම කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් බදු ගෙවීම් පැහැර හැර තිබෙන 200 දෙනා පිළිබඳ ලේඛනයක් තමන් සතුව ඇති බව ද මෙහිදී අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“අපිට ලොකු විශ්වාසයක් තිබුණා, අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මේවා ඉතා හොඳින් ප්‍රතිව්‍යූහගතකිරීමකට භාජනය කරලා, මේවා කාර්යක්ෂමතාවයට ගෙනල්ලා, බදු මග හැරලා ඉන්න අය, බදු ගෙවීම සඳහා පෙළඹවමින්.., මා මෑතක දී මං ගාව තියෙනවා, ලංකාවේ ප්‍රධාන ලෙස බදු ගෙවීම් මග හැරපු ප්‍රධානම 200 දෙනාගේ ලේඛනය තියෙනවා.“
“එහි සමස්ත වටිනාකම ගත්තොත් බිලියන 100 - 150කට ආසන්න මුදලක් තියෙනවා. මේක අය කර ගන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය බැංකු දෙකට ඉතාමත් අහිතකර ආකාරයේ පොලු තියපු කණ්ඩායම් ඉන්නවා. මං ප්‍රධාන 50 ගෙන්න ගත්තා. හොයලා බැලුවා. විශාල ප්‍රමාණයක් ඉන්නවා, දේශපාලකයෝ ඉන්නවා ඒක අස්සේ. ඉතාමත් සමීපතම ව්‍යාපාරිකයෝ ඉන්නවා. බිලියන ගණන් රාජ්‍ය බැංකුවලට පොලු තියලා තියෙනවා.“
Video Story