බ්‍රිතාන්‍ය සංචාරක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විශේෂ මාධ්‍ය සමුළුව ශ්‍රී ලංකාවේදී අතිශය සාර්ථකව පවත්වයි

    May, 26, 2025

    එක්සත් රාජධානිය තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉහළ මට්ටමින් ප්‍රචලිත කිරීමේ අරමුණින්, 2025 මැයි 13 සිට 23 දක්වා කීර්තිමත් බ්‍රිතාන්‍ය සංචාරක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (BGTW)  සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සහ මාධ්‍ය සමුළුවක් මෙරට දී පැවැත්වීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් කටයුතු සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාව තුල මෙම සංගමයේ සමුළුවක් මෙසේ ප්‍රථම වරට සංවිධානය කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු කර තිබූ අතර එය මෙරට සංචාරක ව්‍යාපාරයේ උන්නතිය සඳහා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වනු ඇත.

    BGTW නියෝජනය කරන පිළිගත් වෘත්තීය මාධ්‍යවේදීන් 34 දෙනෙකුගේ කණ්ඩායමක් මෙසේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමයන්, සංස්කෘතික වටිනාකම්, ග‍වේශනාත්මක සංචාරක අත්දැකීම්, දුර්ලභ වනජීවී විවිධත්වයන් දේශීය ආහාර රටාවන් ඇතුළු විවිධ  තේමාවන් යටතේ අද්විතීය සංචාරක අත්දැකීම් සොයා දින 10ක සංචාරයක් ශ්‍රී ලංකාවේ උතුරු  නැගෙනහිර, මධ්‍යම කඳුකරය, සංස්කෘතික ත්‍රිකෝණය, දකුණු සහ බටහිර වෙරළ තීරය ඇතුළුව බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් සිදු කරන ලදී.

    මෙම සුවිශේෂී සංචාරය අතරතුරදී මාධ්‍යෙව්දීන් හට විවිධ ආගමික දර්ශනයන් හැදෑරීම, පෞරාණික ගල් ගුහාවක් තුළ භාවනායෝගීව සිටීම, විහාර සිතුවම් අධ්‍යනය, පුස්කොළ පොත් ලිවීම, දේශීය ආහාර රටාවන් සහ දේශිය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රෙය් පවතින සහසම්බන්ධතාවයන් හැදෑරීම මෙන්ම අතිශය දුර්ලභ වනජීවී අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව ලැබුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අනන්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවන් විවිධ ආගමික ඇදහීම් සහිත දේශීය බහුවිධ සංස්කෘතික උරුමයන් අධ්‍යනය කරමින් මෙරට ජීවත්වන සියළු ජන කොටස්හි පවතින සහජීවනය අත්දැකීමට ඔවුනට ඉඩ ප්‍රස්ථා සැලසුණු අතර ශ්‍රී ලාකිකයන් තුළ පවතින අදිවිතීය ජීවන රටාව ඔවුන් විසින් පැපසුමට ලක් කරන ලදී.

    BGTW මාධ්‍ය කණ්ඩායම එම දින 10ක සංචාරය විශිෂ්ඨ ලෙස අවසන් කරමින් ඔවුන්ගේ විශේෂ මාධ්‍ය සමුළුව මැයි 23 වන දින කොළඹ දී පැවැත්වීමට කටයුතු කරන ලදී. එහිදී ඔවුනට සංචාරක ක්ෂේත්‍රෙය් ප්‍රධාන පාර්ශවකරුවන්, වෘත්තිකයන් මෙන්ම සුවිශේෂී සම්පත්දායකයින් ඇතුළු ප්‍රවීණ මාධ්‍යෙව්දීන් හමුවීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් කටයුතු යොදා තිබුණි.

    මෙම සමුළුවට සම්බන්ධ මූලික වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා, ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමණාකරණ මණ්ඩල සාමාජිකයන්, BGTW හි සභාපති Chris Coe මහතා, සංචාරක උපදේශක කමිටුවේ සභාපති දිලීප් මුදදෙණිය මහතා, THASLහි සභාපති එම්. ශාන්තිකුමාර් මහතා, , ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතා, බ්ලූ ලංකා ටුවර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් පෙරේරා මහතා, SLTPB අලෙවි අධ්‍යක්ෂ දුෂාන් වික්‍රමසූරිය මහතා සහ SLTPB අලෙවිකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ සාරංගි තිලකසේන මෙ‍ෙනවිය ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    මුළු සංචාරය පුරාම ලද අත්දැකීම් සහ ආගන්තුක සත්කාරයෙන් ඔවුන් මවිතයට පත් කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය මාධ්‍ය සංගමය විසින් සිය කෘතඥතාව පළ කළ අතර සාම්ප්‍රදායික සංචාරක ගමන් මාර්ගයන්ගෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාව විචිත්‍රවත් හා විවිධාකාර සංචාරක පාරාදීසයක් බව අත්දකින්නට සහ එම පණිවිඩය ඔවුන්ගේ රටට රැගෙන යාමට ඉඩප්‍රස්ථා සලසාදීම පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට ස්තූතිය ප්‍රකාශ කරන ලදී. සිය මාධ්‍ය සංගමය හරහා ශ්‍රී ලංකාව සතු මෙම විවිධ ස්ථර සහ පැතිකඩයන් පිළිබිඹු කරන අති දුර්ලභ සංචාරක අත්දැකීම් සහ විභවයන් ප්‍රචලිත කිරීමට ඔවුන් සහතික වූ අතර එය ශ්‍රී ලංකාව ආසියාවේ ආකර්ශනීයම සංචාරක ගමනාන්තයක් ලෙස සංචාරකයින් අතරට ගෙන යනු ඇති බවට විශ්වාස කරන බව ද සඳහන් කරන ලදී.

    BGTW වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින්, ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන උපාය මාර්ගයන් සහ ඉදිරි ගමන්මග පිළිබඳව කරුණු දක්වමින් ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ  සභාපති බුද්ධික හේවාවසම් මහතා විසින් පවත්වන ලද අතර ලොවටම ඇසෙන ඔබේ හඩින්, ඔබ ඔබේ උද්‍යෝගිමත් පාඨකයින්ට ශ්‍රී ලංකාවේ සුවිශේෂීම අත්දැකීම් ගෙන යනු ඇති බවට බලාපොරොත්තුවන බවද වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    මෙම සම්පූර්ණ වැඩසටහන යතාර්ථයක් කිරීම සඳහා  සහාය දුන් සියලුම ප්‍රධාන පාර්ශවකරුවන් සහ සම්පත්දායකයින් ඇගයීමේ අවස්ථාවක්ද මෙහිදී පැවැත්වු අතර  Jetwing Hotels සභාපති හිරාන් කුරේ මහතා ප්‍රධාන හෝටල් සත්කාරකත්වය ලබාදීම වෙනුවෙන් සහ Blue Lanka Tours හි කළමණාකාර අධ්‍යක්ෂ දිනේෂ් පෙරේරා මහතා ප්‍රධාන ප්‍රවාහන ඇතුළු පහසුකම් ලබාදීම වෙනුවෙන්ද ඇගයීමට ලක් විය.

    එමෙන්ම මෙම මාධ්‍ය කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ අද්විතීය අත්දැකීම් ලබා දීමට සහ සුවිශේෂී නව සංචාරක මානයන් ඉස්මතු කිරීමට ස්වේච්ඡාවෙන් දායක වූ විවිධ ක්ෂේත්‍රවල ප්‍රධාන සම්පත්දායකයින්ට විශේෂ ඇගයීම් පිරිනැමීමටද කටයුතු කරන ලදී. ආචාර්ය සිංහරාජ තම්මිට දෙල්ගොඩ, Miguel Cunat මහතා, සරෝජා ධර්මදාස මහත්මිය, ජනක ද සිල්වා මහතා, ශාලිනි ගමගේ මහතා, සාගර ද සිල්වා මහතා, ගැමුණු රත්නායක මහතා සහ හරිත් සොයිසා මහතා යන අයටද මේ සම්බන්ධයෙන් විශේෂ ඇගයීමේ සංකේත පිරිනමන ලදී.

    BGTW හි සභාපති Chris Coe මහතා සියලුම සහභාගිවන්නන්ගේ විශේෂ අවධානය මධ්‍යෙය් සාම්ප්‍රදායික උඩරට ඇඳුමින් සැරසී උත්සවාකාරයෙන් වේදීකාවට කැඳවාගෙන එනු ලැබීමේ සුවිශේෂී අංගයක් මෙම උත්සවය  අතරතුර සංවිධානය කර තිබූ අතර Chris Coe මහතා විසින්   එහිදී ශ්‍රී ලංකාව "විශිෂ්ට සංචාරක අත්දැකීම් පිරිනමන විශ්මයජනක දිවයිනක්" බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාව තුළ සිය කණ්ඩායමේ සංචාරය තුළදී ලද අත්දැකීම් දීර්ඝ හා ගැඹුරට විස්තර කරමින් ලොව අද්විතීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තමන්ව ප්‍රදර්ශනය කිරීමට ඇති ඉහළ විභවය අවධාරණය කරමින් විශේෂ දේශනයක් පවත්වන ලදී.

    එහිදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සහ මෙම සම්පූර්ණ වැඩසටහනේ කටයුතුභාරව සිටි එක්සත් රාජධානියේ ප්‍රවර්ධන කටයුතු සිදුකරන නියෝජ්‍ය අධ්‍යක්ෂ සාරංගී තිලකසේන මෙනෙවිය විසින් BGTWහි ශ්‍රී ලංකා සංචාරය සඳහා කරන ලද ගෞරවයක් වශයෙන් Chris Coe මහතාට විශේෂ  සමරු ඵලකයක් පිරිනමන ලදී.

    BGTW හි ජ්‍යෙෂ්ඨ සංචාරක මාධ්‍යෙව්දිනියක් වන Juliet Coombe මහත්මිය, ශ්‍රී ලංකාවේ විභවය ඉස්මතු කරමින් ලබාදුන් ඉහළ මට්ටමේ ආගන්තුක සත්කාරය‍ ප්‍රශංසාවට ලක් කරමින් 2025 BGTW සමුළුව පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට කෘතඥ වෙමින් අදහස් ප්‍රකාශ කිරීමක නියැලුණි.

    මාධ්‍යවේදී කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ට සමරු සංකේත ප්‍රදානය කරන අවස්ථාවක්ද සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති, කළමණාකරණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් සහ BGTW මාධ්‍ය කණ්ඩායම  සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී.

    BGTW මාධ්‍ය කණ්ඩායමට ශ්‍රී ලංකාව පිළිබඳ අද්විතීය අත්දැකීම් ඔවුන්ගේ පාඨකයන් සමඟ බෙදා ගනිමින්, සංචාරක ගමනාන්තයක් ලෙස මෙරට පවතින් ආර්ශනීය ඉහළ විභවයන් ලොව පුරා ප්‍රචලිත කිරීමට හැකිවනු ඇති බවට වන තිරසාර බළාපොරොත්තුව ඇතිව BGTW   මාධ්‍යවේදීන්ගේ අදහස් සහිතව සකසන ලද " Voices of a Memorable Journey " නමින් වූ විශේෂ වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සමුළුවේ කටයුතු සාර්ථක සමාප්තියක් සනිටුහන් කරන ලදී.