බැංකුවල ඩොලර් මිලේ සුළු වැඩිවීමක්

    March, 10, 2023

    මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිලෙහි සුළු ඉහළ යාමක් අද (10) දිනයේ දී වාර්තා වී ඇත.

    ඊයේ (09) දිනයේ දී බැංකු කිහිපයක් සඳහන් කළ පරිදි රු. 305.00 ක් දක්වා ඩොලරයක ගැනුම් මිල පශළ ගොස් තිබුණු අතර අද දිනයේ දී එම මිල රු. 310.00 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    විකුණුම් මිල ගණන් රු. 325 සිට රු. 330 දක්වා මිල පරාසයන් හි පවතී.

    ඒ අනුව අද (10) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

    ලංකා බැංකුව - රු. 310.00 - රු. 330.00

    මහජන බැංකුව - රු. 310.17 - රු. 329.82

    සම්පත් බැංකුව - රු. 310.00 - රු. 325.00

    කොමර්ෂල් බැංකුව - රු. 312.00 - රු. 328.00

    HNB - රු. 310.00 - රු. 325.00

    සෙලාන් බැංකුව - රු. 312.00 - රු. 328.00

    අමානා බැංකුව - රු. 314.50 - රු. 329.50