April, 20, 2017
ඊයේ (19) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික තවදුරටත් ඉහළ ගොස් තිබේ.
මෙහිදී දින 91 බිල්පත් පොළිය 9.72% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 10.79% දක්වා සහ දින 364 බිල්පත් පොළිය 11.11 දක්වා වර්ධනය වී ඇත.
ඊයේ වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 73,039 ක ලංසු ඉදිරිපත්ව තිබෙන අතර ඉන් රුපියල් මිලියන 21,413 ක ලංසු භාර ගැනීමට රාජ්ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Video Story