බීම බට, යෝගට් හැඳි ඇතුළු ප්ලාස්ටික් නිෂ්පාදිත රැසකට තහනමක්

    February, 14, 2023

    වරක් භාවිත කර ඉවත ලන (Single use) ප්ලාස්ටික් / පොලිතීන් නිෂ්පාදන 07ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා 2021.08.30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගනු ලැබූ අතර ඒ අනුව, එකී යෝජනා පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට තීරණය කරන ලදී.
    එකී විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මඟින් නිර්දේශිත පරිදි පහත සඳහන් ප්ලාස්ටික් නිෂ්පාදන ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය 2023.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
    • එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ
    • ප්ලාස්ටික්වලින් නිර්මිත යෝගට් හැඳි ඇතුළුව වරක් භාවිත කර ඉවත ලන පිඟන්, කෝප්ප (යෝගට් කෝප්ප හැර), හැඳි, ගෑරුප්පු සහ පිහි
    • ප්ලාස්ටික් මල් මාලා
    • ප්ලාස්ටික්වලින් නිර්මිත ඉඳිආප්ප වට්ටි