භාණ්ඩාගාර බිල් පොලිය පහළට

    June, 8, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (08) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පරිණත කාල තුනටම අදාළ පොලී අනුපාත පහළ යාමක් වාර්තා වී තිබේ.

    ඒ අනුව දින 91 බිල්පත් පොලිය 22.75% සිට 21.91% දක්වා ද, දින 182 බිල්පත් පොලිය 23.60% සිට 22.89% ක් දක්වා සහ දින 364 බිල්පත් පොලිය 23.75% සිට 23.13% ක් දක්වා පහළ ගොස් ඇත.

    රු. මිලියන 98,000 ක බිල්පත් ප්‍රමාණයක් අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 260,565 ක තරම් විශාල ලංසු ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබීම විශේෂත්වයකි.