භාණ්ඩාගාර බිල් පොලී ඉහළට

    April, 11, 2023

    අද (11) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි ඉහළ යාමක් වාර්තා වේ.

    ඒ අනුව පුර්ව වෙන්දේසිය හා සැසඳීමේ දී දින 91 බිල්පත් පොලිය 24.12% සිට 24.80% ක් දක්වා සහ දින 364 බිල්පත් පොලිය 22.37% සිට 22.64% ක් දක්වා ඉහළ ගොස් තිබේ. දින 182 බිල්පත් පොලිය 24.10% මට්ටමේ නොවනෙස්ව පවතී.

    අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රු. මිලියන 120,000 ක් වූ අතර ඒ සඳහා රු. මිලියන 173,154 ක ලංසු ලැබී තිබුණි.

    ඒ අතුරින් රු. මිලියන 99,979 ක ලංසු පමණක් පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.