මස්කෙළිය තේ අපනයනකරුවෝ, තේ තැරැව්කාර සමාගමක 11.84% ක කොටස් අයිතිය තහවුරු කර ගනිති

    January, 31, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ තැරැව්කාර සමාගමක් වන ඒෂියා සියැක කොමඩිටීස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 11.84% ක ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට මස්කෙළිය ටී එක්ස්පෝට්ස් (පුද්) සමාගම කටයුතු කර ඇත.

    ඒ එම සමාගම විසින් ඊයේ (30) දිනයේ දී ඒෂියා සියැක කොමඩිටීස් පීඒල්සී හි කොටස් මිලියන 30.2 ක ප්‍රමාණයක් මිල දී ගැනීමත් සමඟිිනි.

    ඊයේ දින සිදු වූ මෙම ගනුදෙනුවත් සමඟම මස්කෙළිය ටී එක්ස්පෝට්ස් (පුද්) සමාගම සතු ඒෂියා සියැක කොමඩිටීස් සමස්ත කොටස් ප්‍රමාණයක් 30,791,252 ක් වනු ඇත.