මහජන බැංකුවෙන් නිවේදනයක්

    May, 31, 2022

    මහජන බැංකුව විසින් පහත සඳහන් නිවේදනය නිකුත් කර තිබේ.

    මහජන බැංකුවේ අක්‍රීය වත්කම් (ණය) කළඹ (NPA) සම්බන්ධෙයන් පසුගිය දිනවල සමාජයේ පැතිර ගිය කතාබහ සැලකිල්ලට ගනිමින්, පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට මහජන  බැංකුව අපේක්ෂා කරයි.

    • අක්‍රීය ණය යනු නියමිත කාල සීමාවක් සඳහා නිසි පරිදි මූලික ණය හෝ පොලී ගෙවීම් සිඳු කර නොමැති ණය වේ. මෙය කිසිඳු ලෙසකින් ණය කපා හැරීමක් නොවේ.
    • යම් ණයක් අක්‍රීය වත්කමක් ලෙස වර්ගීකරණය කෙරුනු විට පසු විපරම්, සාකච්ඡා, වෙන්දේසි කිරීම සහ නඩු පැවරීම  වැනි ක්‍රියාවන්ගෙන් සමන්විත ආපසු අයකර ගැනීමේ ක්‍රියාවලියක් බැංකුව ආරම්භ කරයි. වඩාත් නිරවුල් අවබෝධයක් ඇති කර ගනු පිණීස මෙම ක්‍රියාවලිය පිළිබඳව පහත සඳහන් පැහැදිලි කිරීම සිඳු කර ඇත.

    a) ණය කපා හැරීමක් සිදු කරන්නේ එය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ගත හැකි වන සෑම මාර්ගයක්ම සම්පූර්ණයෙන්ම ව්‍යවර්ථ වී ඇතිනම් පමණි.

    b) බැංකුවේ අක්‍රීය වත්කම් (ණය) කළඹ සමන්විත වන්නේ පසුගිය දශක දෙකකට අධික කාලයක් තුළ දී ලබා දී ඇති විවිධ ණය පහසුකම් වලිනි.

    c) පසුගිය දිනවල මාධ්‍යයන්හි කතාබහට ලක්වූ කිසිදු ණය මුදලක් කපා හැර නැත.

    • මෙරට බැංකු පද්ධතිය තුළ මහජන බැංකුවේ අක්‍රීය වත්කම් ප්‍රතිශතය සාධනීය තත්ත්වයක පවතී.
    • සිය ගනුදෙනුකරුවන්ගේ තැන්පත් සඳහා අසමසම ආරක්ෂාවක් සපයන වගකිවයුතු මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස මහජන බැංකුව, අක්‍රීය වත්කම් අයකර ගැනීම තම ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකයි.