September, 2, 2025
ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා LEED (Leadership in Energy & Environmental Design) v4 Building Design & Construction (BD+C) ශ්‍රේණිගත කිරීම යටතේ, මහනුවර පුරවරයේ LEED Gold සහතිකය ලබාගත් පළමු හෝටලය ලෙස කැන්ඩි මිස්ට් බයි සිනමන් (Kandy Myst by Cinnamon) පිළිගත් අතර, එය තිරසාර සංචාරක ක්ෂේත්‍රයේ නව සම්මතයක් පිහිටුවයි. මෙම සහතිකය පිරිනැමීම මඟින් ආයතනික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම, පරිසරය ආරක්ෂා කිරීම, සහ ආගන්තුකයන් හා ප්‍රජාව සඳහා සෞඛ්‍යමය පරිසරයක් ගොඩනගා ගැනීම පිළිබිඹු කරයි. EnergySolve International විසින් මෙම ගෞරවවත් LEED Gold සහතිකය සහ සම්මානය නිල වශයෙන් Kandy Myst by Cinnamon හට පිරිනැමුණි.
මෙම සම්මානය ලබාගැනීම සඳහා ව්‍යාපෘතියේ තිරසාර උපදේශක වූ EnergySolve International (Pvt) Ltd හි මගපෙන්වීම යටතේ ඉදිවූ Kandy Myst by Cinnamon හෝටලය,හරිත ගොඩනගීම් උපාය මාර්ග සාර්ථකව ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලය ලෙස හඳුන්වා ගනී. නවීන හා නිර්මාණාත්මක ඉංජිනේරු ක්‍රමවේදයන්ගෙන් පෝෂණය වූ මෙය, ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රයට නව සම්මතයක් පිහිටුවයි.
සිනමන් හෝටෙල්ස් & රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (Indra Traders) ඒකාබද්ධයෙන් ඉදිකළ Kandy Myst by Cinnamon සඳහා ප්‍රධාන නිර්මාණ උපදේශක සේවාව සපයනු ලැබුවේ සිංගප්පූරුවේ Design Team 3 කණ්ඩායම විසින්ය. ඉදිකිරීම් සහ නිර්මාණ කටයුතු Nawaloka Construction Company (Pvt) Ltd මගින් සිදුකරන අතර, මෙම ව්‍යාපෘතිය U.S. Green Building Council විසින් නියමිත දැඩි තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකිරීම සම්පූර්ණ කළ බැවින්, ගෞරවවත් LEED Gold සහතිකය ලබාගැනීමට සමත් විය.
Kandy Myst by Cinnamon හි තිරසාරත්වයේ ප්‍රධාන මූලික කරුණු:
ආර්ථික හා සමාජ සුබ සාධක මූලධර්ම මුලික කරගත් සිනමන් හෝටෙල්ස් & රිසෝර්ට්ස් සමූහය, නවෝත්පාදනයේ සිට ජෛව විවිධත්ව සංරක්ෂණය හා සමාජ-ආර්ථික බලගැන්වීම ප්‍රමුඛ කරගනිමින් වඩාත් තිරසාර සහ හිතකාමී ආගන්තුක සත්කාරක කර්මාන්තයක් හැඩගැස්වීමේ ඉදිරියෙන් සිටී.


ඡායාරූප විස්තරය වමේ සිට දකුණට:
Video Story