මහ බැංකුවෙන් රුපියල් 20 කාසියක්

    February, 25, 2021

    1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කර ඇත.

    සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින් මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් (ඇලුමිනියම් - ලෝකඩ) 2020 දෙසැම්බර් 31 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී.

    එයට සමගාමීව, සමාන නිර්මාණ සැලැස්මක් සහිත මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් (නිකල් ආලේපිත වානේ) නිකුත් කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. කාසිය පිළිබඳ විස්තර හා පිරිවිතර පහතින් සවිස්තරව දැක්වේ.