May, 27, 2025
2025 වසරේ මැයි 25 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී මිලියනය ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව මේ වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,006,097ක් ලෙසයි.
2024 වසරේ විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය සපුරාලීමට මාස 6ක කාලයක් ගත වූ අතර මෙම වසරේ එම ඉලක්කය මාස 5ක් කාලයක් තුළ දී සපුරා ගැනීමට හැකි වීම විශේෂත්වයකි.
මේ අතර 2025 මැයි මාසයේ පළමු දින 25 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 109,213ක් ලෙසයි.
එම කාල සීමාව තුළදී ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස අඛණ්ඩව ඉන්දියාව වාර්තා වන අතර එම සංඛ්‍යාව 39,070 ක් ලෙසින් වාර්තා වෙයි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 7,661ක්, චීනයෙන් 7,139ක්, ජර්මනියෙන් 6,143ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
වසරේ මේ දක්වා ගත වූ සමස්ත කාල සීමාව පිළිබඳව සලකා බැලීමේ දී ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වන අතර දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස වාර්තා වන්නේ රුසියාවයි.




Video Story