මුදල් විශුද්ධිකරණය පිළිබඳ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට

    September, 15, 2023

    මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය - අන්‍යොන්‍ය ඇගයීම සඳහා සූදානම් වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සහ වැඩමුළුව (2023 සැප්තැම්බර් 6 සිට 8 දක්වා)

    ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්‍යොන්‍ය ඇගයීම පිළිබඳව මෙරට දේශීය බලධාරීන් තවදුරටත් දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ ආරාධනයකට අනුව, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.