February, 28, 2024
Waves හි ඉදිරි මෙහෙයුම් හි හවුල්කරුවකු ලෙස යොහානි එක් කර ගැනීමට සැලසුම් කර ඇති බව හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ Waves concept store හි පැවති මාධ්‍ය හමුවකදී පසුගියදා නිවේදනය කරන ලදී. Waves විසින් මෙය නිවේදනය කර සිටියේ සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන් 50කට අධික පිරිසක් එක්ව ඉදිරිපත් කළ ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ප‍්‍රවණතාවක් වූ “Show Your Two Colours” ව්‍යාපාරයේ සාර්ථකත්වය මත වීම විශේෂත්වයකි. මෙහිදී යොහානි විසින් වර්ණ දෙකක පාවහන් පැළඳ සිටිනු දැකීම බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් අතර ඒ තුළින් වර්ණ හා උපාංග භාවිත කරමින් පුද්ගලිකත්වය හා තම මනාපය ප‍්‍රදර්ශනය කිරීම සඳහා වන Waves flip-flops ඔවුනොවුන් වෙත ලබා දීමට සමත් විය.
නිෂ්පාදන පිරිශීලකයින් වෙත ගෙන ඒම හා අලෙවිකරණ වැඩපිළිවෙල තුළින් විලාසිතා හා තාරුණ්‍යයේ ශක්තිය විදහා දක්වන ශ‍්‍රී ලාංකේය සන්නාමයක් වන Waves මේ තුළින් සිය තත්වය අඛණ්ඩ ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇත. Waves හි එම දැක්ම අනුව ප‍්‍රවණතාවන් නිර්මාණය කරන පොප් ගායිකා යොහානි සමඟ මනාව ගැලපීම මෙහි සාර්ථකත්වයට බෙහෙවින් වැදගත් වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Waves සන්නාම කළමනාකාරිණී ඔෂිනි ජයසූරිය මහත්මිය ‘‘Waves සන්නාමය සහ යොහානි එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීමේ පොදු ලක්ෂණයන් සමඟ වන සුවිසල් සහයෝගීතාවය තුළින් මෙන්ම ඇයගේ කණ්ඩායම සහ Waves අතර වූ අතීත සබඳතාවන් තුළින් ඉහළ සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබෙනවා. යොහානි, අපගේ නිෂ්පාදන තාරුණ්‍යය වෙත ගෙන යාම සඳහා වන ඉදිරි කටයුතුවලදී අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර අපගේ ප‍්‍රමුඛ අදහස් සමඟ අප කටයුතු කරන ආකාරය පිළිබඳව ඔවුන්ට කදිම ආශ්වාදයක් එක් කරනු ඇතැයි අපගේ විශ්වාසයයි’’ යනුවෙන් පවසා සිටියාය.
මෙහිදී අදහස් එක් කළ යොහානිගේ විධායක නිෂ්පාදක හා ව්‍යාපාර කළමනාකාර ඩිලන්ජන් සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේ ‘‘යොහානි සිය වෘත්තීය ජීවිතයේදී විලාසිතා කෙරෙහි අවධානය යොමු කරන බැවින් නව ප‍්‍රවණතා නිර්මාණය කරන්නියක් ලෙස Waves සමඟ වන සහයෝගීතාව ඇයට මනාව ගැලපෙනවා. තරුණ සිතුම් පැතුම් පිළිබඳව අවධානය යොමු කරමින් යොහානි සහ Waves අතර ඇති ගැලපීම මත මෙම හවුල්කාරීත්ව තුළින් ඔවුන්ගේ ඉලක්කගත ප්‍රේක්ෂකයන් වෙත සමීප වීමට ආකර්ෂණීය නව මානයන් විවර කර ගැනීමේ අවස්ථාව උදා වනවා. Waves සමඟ එක්ව කටයුතු කිරීමේ අවස්ථාව උදා කර දීම වෙනුවෙන් Waves කණ්ඩායමට ස්තුතිය පුද කර සිටින අතරම මෙම හවුල්කාරීත්වය තුළින් ඉතා ඉක්මණින් විශිෂ්ට ප‍්‍රතිඵලයන් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා’’ යනුවෙනි.
ශ‍්‍රී ලංකාවේ ආකර්ෂණීය සොබා සෞන්දර්යය විදහා දක්වමින් Waves විසින් නිෂ්පාදනය කර අලෙවි කරන නිෂ්පාදන පෙළ තිරසාර, සත්ව හිතකාමී, පරිසර හිතකාමී හා විලාසිතාමය flip-flop එකතුවකි. මෙම එකතුව තුළින් වෙරළබඩ ජීවන රටාවේ සන්සුන් බව හා නාගරික ආකර්ෂණීය නවීකරණය අතර සමතුලිතතාවයක් අත්කර ගැනීමට සමත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය හා පසුබිම ගෙන හැර දක්වමිනි.
ශ‍්‍රී ලංකාවේ සාරවත් රබර් යායන්ගෙන් ලබා ගත් FSC සහතිකය ලත් නියම ශ‍්‍රී ලාංකේය රබර් කිරි පමණක් යොදා ගනිමින් Waves - flip-flops නිෂ්පාදනය කරනු ලබන්නේ ඉහළම පාරිසරික ප‍්‍රමිතීන් සපුරාලීම සඳහා වන සූක්ෂම නිෂ්පාදන ක‍්‍රියාවලියකට ලක් කරමිනි.
මේ සම්බන්ධයෙන් සිය අදහස් එක් කළ Waves හි අලෙවි අධ්‍යක්ෂ ඩිල්ශාන් රාජපක්ෂ මහතා ‘‘ හුදෙක් හවුල්කාරීත්වයකට වඩා එහා ගිය යොහානි හා අප අතර වන සම්බන්ධතාව ස්වයං අභිමානය වෙනුවෙන් වන අවස්ථාවක් නිර්මාණය කිරීම සහ අපගේ පාරිභෝගිකයින්ගේ ඉහළ ආකර්ෂණයක් ලබා ගැනීම වෙනුවෙන් සිදු වූවත් බව සඳහන් කළ හැකියි. යොහානිගේ අනාගතය, ඇගේ සංගීතය හා ශෛලිය Waves සමඟ මනාව ගැලපෙනවා. ඒ නිසාම මෙම විචිත‍්‍රවත් බව තුළින් අපගේ ගනුදෙනුකරුවන් මේ සඳහා ආකර්ෂණය කර ගැනීමට හැකි වීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා’’ යනුවෙන් ප‍්‍රකාශ කර සිටින ලදී.


Video Story