රක්ෂණ සමාගමක් විකිණීමට තිබේ

    February, 17, 2023

    තම අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී කොටස් අයිතිය මිල දී ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත්, මේ වන විට එකී යෝජනාව අධ්‍යයනය කරමින් සිටින බවත් සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී පවසයි.

    මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු යාවත්කාලීන වන අයුරින් ඉදිරියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙනු ලබන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

    සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.72% ක හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සතුව පවතී.