රජයේ පොහොර සමාගම් දෙකේ 267ක් කැමැත්තෙන් විශ්‍රාම ගන්වයි

    May, 28, 2024

    සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබීමට සේවකයින් 267 දෙනෙකු මනාපය පළ කර ඇත.

    ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායයන්හි අතිරික්ත සේවකයින් ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශයන්ට යටත්ව, සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත්, යෝජිත අනිවාර්ය විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොහොර සමාගම් දෙකෙහි අරමුදල්වලින් රුපියල් මිලියන 844ක් වැය කිරීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.