රජීව් අමරසූරිය සහ මනිල් ජයසිංහ මහ බැංකුවේ පාලක මණ්ඩලයට

    February, 12, 2024

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාර ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලය පිහිටුවා ඇත.

    පාලක මණ්ඩලය

    මෙම පාලක මණ්ඩලය, එහි සභාපති ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඒ. එන්. ෆොන්සේකා මහතා (පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස අඛණ්ඩ ව කටයුතු කළ, 2022.07.27 සිට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පත් කළ සාමාජික), ආචාර්ය රවී රත්නායක (2023.09.21 දින පත් කළ), අනුෂ්ක එස්. විජේසිංහ (2023.09.21 දින පත් කළ) සහ විශ් ගෝවින්දසාමි (2023.10.26 දින පත් කළ) යනාදීන්ගෙන් සමන්විත වේ. තවද, මෙම පාලක මණ්ඩලය වෙත රජීව් අමරසූරිය මහතා සහ මනිල් ජයසිංහ මහතා පත් කිරීම් මෙමගින් දැනුම් දෙන්නෙමු. පාලක මණ්ඩලය වෙත පත් කළ නව සාමාජිකයන්ගේ විස්තර පහත පරිදි ය: