රටට වාසිදායක නිදහස් වෙළෙඳ ගිවිසුම් ගැන හොයන්න මලික්ගෙන් කමිටුවක්

    August, 9, 2018

    අපනයන විවිධාංගීකරණය තුළින් රටට වඩා වාසිදායක වෙළඳ පොළවල් වෙත ප්‍රවේශ වීම සහ ඍජු විදේශීය ආයෝජන වැඩි වශයෙන් ආකර්ශනය කරගැනීම සඳහා විවිධ රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

    ඒ අනුව එවැනි ගිවිසුම්වලට එළඹීමේදී රටට වඩාත් වාසිදායක කොන්දේසි සහිතව එවැනි ගිවිසුම්වලට එළඹීම සඳහා ආදළ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණතාවයක් සහිත නියෝජිතයින් 17 දෙනෙකුගෙන් යුත් ජාතික වෙළඳ සාකච්ඡා කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.