රට විරුවන්ගෙන් මාස 04 කදී ඩොලර් බිලියන 2 1/2ක්

    May, 14, 2025

    2025 අප්‍රේල් මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 646.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ඒ අනුව 2025 වසරේ මුල් මාස 04 තුළ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,460.5ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මෙය 2024 වසරේ මුල් මාස 04 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 2,079.9ක ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේ දී 18.3% ක වැඩිවීමකි.