රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක්

    July, 2, 2025

    රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීම සඳහා ඍජු ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලංසුවක් ලබා ගැනීම පිණිස 2024‑10‑14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලංසුවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ලංසු ඇගයීම් කමිටුව සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් බ්‍රිතාන්‍ය පවුම් 12,500ක වාර්ෂික නඩත්තු ගාස්තුවක් යටතේ Commonwealth Meridian මෘදුකාංග පද්ධතිය ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තුව පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙත පිරිනැමීම නිර්දේශ කර තිබේ.

    ඒ අනුව, එකී මෘදුකාංගය හා ආශ්‍රිත සේවාවන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.