රුපියල අදත් අධිප්‍රමාණය වෙලා. ‌ඩොලරය රු. 191.88 යි – රාජ්‍ය ඇමති කබ්රාල් වගකීමෙන් කියයි

    April, 20, 2021

    තමන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අද දිනයේ නිවැරදි විනිමය අනුපාතික අගයයන් ලබා ගත් බවත්, ඒ අනුව ඩොලරයක මිල රු. 191.88 ක් බව වගකීමෙන් ප්‍රකාශ කරනු ලබන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (20) දින පාර්ලිමනේතුවේ දී කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    "විදේශ විනිමයේ තිබෙන මූලික කාරණාව තමයි රුපියලේ අගය. රුපියලේ අගය පවත්වා ගැනීම ඔ්නෑම රජයක, ඔ්නෑම මහ බැංකුවක විශේෂ කාර්යභාරයක්. ඒ් කාර්යභාරය හොඳින් ඉටුකරනවා නම් රටේ යම්කිසි ආර්ථික ප්‍රවේශයකට රට ගෙනියන්නට පුළුවන්. ඒ් නිසා ඒ් පිළිබඳව සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. ඒ් පිළිබඳව අවශ්‍ය මෙවලම් පාවිච්චි කරලා රුපියලේ අගය පවත්වා ගැනීමට කටයුතු කිරීම ඔ්නෑම රජයක වගකීමක්. අපි දැක්කා අවුරුදු ගාණක් තිස්සේ දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණය වෙනවා. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට භාර ගන්න කොට රුපියල 105කට වගේ තමයි තිබුණේ. ඒය අපේ පාලනය නිසා අවුරුදු 9ක් තිස්සේ බොහොම හොඳින් පාලනය කරගෙන අපිට පුළුවන් වුණා 131ක අගයකට, අවුරුද්දකට 2.5%ක පමණ අවප්‍රමාණයකට පමණක් යටත් කරලා ඒය භාර දෙන්න ඊළඟ රජයට. ඒ් රජයේ ඉතාමත්ම ප්‍රබල ආර්ථික ඔස්තාර්ලා හිටියා. අපි හිතුවා ඒ් වෙලාව වෙනකොට රුපියලේ අගය 131ම පැවතෙයි කියලා අවුරුදු 5ක් 10ක්, සමහර විට අවුරුදු 20ක් පවත්වා ගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා. ඒ්ත හැම වසරකදීම දැවැන්ත ලෙස රුපියල කඩා වැටුණා. අපේ ළඟ තිබුණු සියලුම සංචිත පාවිච්චි කෙරුවා. ඒ සංචිත පාවිච්චි කරලා රුපියලේ අගය පවත්වා ගන්නට ඒ්ත් බැරි වුණා. ඒ් හරහා 2019 අගවෙන කොට අපට ලබාදුන්න රුපියල තමයි රුපියල් 182කට ඩොලර් ඒකට සාපේක්ෂව."

    "ඒ් රුපියල අරගෙන තමයි කොවිඩ් වසංගතයටත් අපි මුහුණ දුන්නේ. සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් වැඩිපුර ස්වෛරී බැඳුම්කරවලින් ලබා ගත්තට පස්සෙත් ඒය පැවතුණේ ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක පමණයි. අපි හිතුවේ 2019 අගවෙන කොට ඇමරිකානු ඩොලර් බිලියන 18ක පමණ ප්‍රමාණයක් අපේ සංචිතවල රැඳී තිබෙයි කියලා. ඒ් වුණාට ඉතුරු වෙලා තිබුණේ බිලියන 7.2ක් පමණයි. ඒ් වුණත් අපි භාරගත්ත අභියෝගය හරියාකාරව ඉෂ්ට කරලා 2020 අගවෙන කොට රුපියල පැවතුණේ රුපියල් 189 ක අගයකට අවප්‍රමාණය වෙලා පමණයි."

    "2021 දී යම් ආකාරයකට දැවැන්ත පීඩනයක් තිබුණු නිසා රුපියල යම් ආකාරයකට අවප්‍රමාණය වෙන්න පටන් ගත්තා. ඒතකොට ඒහා පැත්තේ හිටපු මේ කාරණාවට සම්පූර්ණයෙන්ම වගකිව යුතු අය බොහොම සංතෝෂයෙන්, බොහොම උජාරුවෙන් කිය කියා හිටියා ඔන්න රුපියල කඩා වැටිලා කියලා. ඒ් අයගේ ස්වභාවයෙන්ම පේනවා, ඒ් අයට ඔ්න වෙලා තිබුණේ රුපියල කඩා වැටෙන්න. ඒ් අයට ඔ්න වෙලා තිබුණේ මේ රටේ ඉදිරි ගමන නෙමෙයි. ඒ් අයට අවශ්‍ය වෙලා තිබුණේ රටේ පසුපස යන ගමන. ඒ් අයට අවශ්‍ය වෙලා තිබුණේ ආර්ථිකය පීඩනයට ලක්වෙන ගමන. ඒ් වුණාට අපි නැවත වරක් කිව්වා, අපි යොදවන ක්‍රමවේද, අපි පාවිච්චි කරන මෙවලම් ඔස්සේ අපි නැවත රුපියල ශක්තිමත් කරන බව."

    205ට ගියා රුපියල. යනකොට මේ අය බොහොම සංතෝෂෙන් හිටියා, බොහොම උජාරුවෙන් කිය කියා හිටියා ඔන්න දැන් 215ට යයි, 230ට යයි, 250ට යයි කියලා හිතාගෙන හිටියා. මොකද වුණේ. අපි ඉතාමත්ම හොඳින් ඒය පාලනය කරගත්ත නිසා රුපියල් 191.88 ට වැටුණා ඊයේ. ඒතකොට බොහොම ලොකුවට කලබල වුණා. කලබල වෙලා කෑ ගගහ හිටියා. ට්ටිටර් ඒකක් දැම්මාම ඒ්ක ගැන කම්පාවට පත්වුණා. ඒ් අය රටේ හොඳ දෙයක් වෙන කොට හිනාවුණේ නැහැ. අද ඒ් මන්ත්‍රීතුමා ඇවිල්ලා කියපු කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒතුමා කිව්වා ෆෝවඩ් රේට් ඒක 205 යි, ඒතුමාට මං හිතන්නේ මාස  06 ක ෆෝවඩ් රේට් ඒක පටලවා ගෙන.  ආර්ථික ඔස්තාර්ලාට සමහරක් වෙලාවට මේවා පැටලෙනවා. මේවා කලබලෙන් කරන්න යනකොට රේට් ඒක ස්පොට් රේට් ඒකද, ෆෝවඩ් රේට් ඒකද කියලා සමහරක් වෙලාවට ඒ්ගොල්ලන්ට තේරෙන්නේ නැහැ. 205යි 206 යි කියලා අද මේ පාර්ලිමනේතුවේ කෑ කෝ ගැහුවා. අපි දැක්කා 191.97 දක්වා රුපියල ශක්තිමත් වෙනකොට සංතෝෂ නොවී බොහොම ඉක්මනින් ඒ්ක අනිත් පැත්ත හරවලා කතා කරන්න පටන් ගත්තා."

    "මම අද කියනවා බොහොම වගකීමෙන්, මම විනාඩි 10කට ඉස්සෙල්ලා මහ බැංකුවට කතා ‌කෙරුවා. කතා කරලා ඒ් හරිම රේට්ස් ලබා ගත්තා. රේට් ඒක රුපියල් 191.88 යි. තවත් සත 8කින් අධිප්‍රමාණය වෙලා."